Monday 27 August 2012

තැපැල් ඡන්දය අද සහ හෙට

උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණවලට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සහ හෙට සිදු කෙරේ. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා සඳහන් කළේ, ඒ සඳහා ඡන්දදායකයින් එක්ලක්ෂ අටසියදහඅට දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ, අද සහ හෙට තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකිවන පුද්ගලයින්ට ඒ සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත යාමට සිදුවන බවයි. ඒ අතර තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය. උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර යන පළාත් සභා තුන සඳහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම සැප්තැම්බර් 08 වැනිදා පැවැත්වීමට නියමිතයි.

No comments:

Post a Comment