මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාවේ සභාපති උපුල් පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ පුද්ගලයකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවය.
ඉකුත් 29 වැනිදා මෙම පහරදීම සිදුව තිබේ.
පහරදීමට ලක්ව තුවාල ලැබූ පුද්ගලයා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සැකකාර සභාපතිවරයා පිලැස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය
No comments:
Post a Comment