Wednesday, 1 August 2012
කෝටි දෙක හමාරක මත්ද්‍රව්‍ය ගුවන්තොටුපලෙන්
රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මගින් සොයාගෙන තිබේ.
එහි පාලන අංශයේ රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම මහතා පැවසුවේ දෝහා කටාර් සිට ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ජාතිකයින් දෙදෙනෙකු ළඟ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය අද සොයාගත් බවය.
මෙත්ඇම්බිටමයින් නමින් හැදින්වෙන මෙම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකුත් ග්‍රෑම් 800 ක් සැකකරුවන්ගේ ගමන් මළුවල තිබී සොයාගත් බව අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
සංචාරකයින් ලෙස දිවයිනට පැමිණීමට උත්සාහ දරා ඇති මොවුන් අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක කාමර ද අද දිනයට වෙන්කරවා ගෙන ඇති බව ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කළ පරික්ෂණවලදී හෙලි වී තිබේ.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment