Wednesday, 1 August 2012

තියුණු සටනකින් පසු නිලූක පරදී

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ජාතික ශූර නිලූක කරුණාරත්නට ඔලිම්පික් උළෙලේ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩකයින් 8දෙනා අතරට එක්වීමේ අවස්ථාව අද ගිලිහී ගියේය. ඒ, අද පැවැති දෙවැනි වටයේදි ඉන්දීය ජාතික ශූර කාශ්‍යප් පරුපල්ලි හමුවේ පරාජය වීම හේතුවෙනි. තරගයේ පළමු වටය ලකුණු 21ට 14ක් ලෙස කාශ්‍යප් පරුප්ලලි ජය ගත්තේය. දෙවැනි වටයේදී මැනවින් තරගයට අවතීර්ණ වූ නිලූක එම වටය ජය ගත්තේ ලකුණු 21ට 15ක් ලෙසය. නමුත් තීරණාත්මක තුන්වැනි වටය ලකුණු 21ට 9ක් ලෙස ජය ගැනීමට, නැවතත් ක්‍රියාත්මක වූ පරුපල්ලි සමත් විය. ඒ අනුව පරුපල්ලි තරගාවලියේ සුපිරි ක්‍රීඩකයින් 8දෙනා අතරට පිවිසියේ වට 2ට 1ක් ලෙස තරගය ජය ගනිමිනි. කෙසේ වෙතත් මෙරට බැඩ්මින්ටන් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් මෙවන් දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාව මෙය වේ. ජගත් බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය ක්‍රීඩක කාශ්‍යප් පරුපල්ලි 21වැනි ස්ථානයේ රැඳී සිටින අතර, නිලූක කරුණාරත්නට එම ලේඛනයේ හිමිව ඇත්තේ 48වැනි ස්ථානයයි.

No comments:

Post a Comment