Wednesday, 1 August 2012

ව්‍යාජ හැඳුනුම්පත් සැකසීමේ මධ්‍යස්ථාන 2ක් වටලයි

ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු සහතික සැකසීමේ මධ්‍යස්ථාන දෙකක් මරදාන ප්‍රදේශයේදී පොලිසිය විසින් වටලනු ලැබ තිබේ. මිරිහාන පොලිසියට ලැබුණු තොරතුරක් මත ඊයේ පස්වරුවේ මෙම වැටලීම කළ බව පොලිසිය සදහන් කළේය. මෙම ස්ථානවල තිබී ව්‍යාජ හැදුනුම්පත්, ඒ සදහා භාවිත කරන ඡායාරූප, ව්‍යාජ රියදුරු බලපත්‍රය ඇතුළු ලිපි ලේඛන රැසක් සොයාගෙන තිබේ. පොලිස් නිලධාරියෙකු උපාය දුතයෙකු ලෙස යොදවා මෙම ජාවාරම් අනාවරණ කරගත් බව පොලිසිය සදහන් කළේය. මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සදහන් කළේ ව්‍යාජ හැදුනුම්පතක් නිකුත් කිරීම සදහා මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයින් රුපියල් 2000 ක මුදලක් ලබා ගන්නා බවය. සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසියේ නොවිසිදුණු අපරාධ ඒකකය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment