Friday, 10 August 2012

අකුරැස්සේ අපයෝජනය : සභාපතිට ඇප නැහැ

බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ තවත් පුද්ගලයකු අද යළි රක්ෂිත බන්ධනාගාරගත කළේය. ඒ මාතර මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා හමුවට සැකකරුවන් යළි ඉදිරිපත් කළ අවස්ථාවේදීය. සැකකරුවන් වෙනුවෙන් අද ඇප අයදුම්පත් ඉදිරිපත් කර තිබුණ ද ඒ සඳහා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය විරෝධය පළ කළාය. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප අයදුම්පත් ප්‍රතික්ෂේප කළ අතර සැකකරුවන් ලබන 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

No comments:

Post a Comment