Wednesday, 29 August 2012

ඉදිරියේදීත් සුළු භූ චලන ඇති වේවි

ඉදිරි කාලය තුළදීත් ශ්‍රී ලංකාවේ සුළු භූ චලන ඇති විය හැකි බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසයි. එහි සභාපති ආචාර්ය එන්.පී. විජයානන්ද මහතා සඳහන් කළේ, ඊයේ මා දුරුඔය ජාතික වන උද්‍යානයේ වූ භූ චලනය පිළිබඳව පරික්ෂණ පවත්වන බවය. ඊයේ පස්වරු 3.43 ට පමණ මා දුරුඔය ජාතික වන උද්‍යානයේ සිදු වූ භූ චලනයේ රික්ටර් මාපකයේ 2.9 ක අගයක් සටහන් විය. පදියතලාවට කිලෝමිටර් 19 ක් දුරින් මෙය සිදුව ඇති බව ද ඔහු පැවසීය. සභාපතිවරයා සඳහන් කළේ, මෙම භූ චලනයෙන් නිවාසවල වහල සෙලවි ඇති බවට වාර්තා ලැබී ඇති බවයි.

No comments:

Post a Comment