Monday, 27 August 2012

ඇමති රිෂාඩ් බදුයුදීන්ට ඇප

මන්නාරම මහේස්ත්‍රාත්වරයාට දුරකථනයෙන් බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා ඇප මත මුදා හැරිණ. ඒ රුපියල් ලක්ෂ 5 බැගින් වූ පුද්ගල ඇප දෙකක් සහ රුපියල් දසදහසක මුදල් අපයක් මතයි. ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් ඕනෑම දිනක අධිකරණය හමුවේ පෙනීසිටීමට සූදානම් බව අමාත්‍යවරයා අධිකරණයට සහතික විය. ඒ අනුව ඔක්තෝම්බර් මස හතරවැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පත් කළ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකාර රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට නියෝග කළේය.

No comments:

Post a Comment