Monday, 27 August 2012
ශිෂ්‍යත්වය ගැන විමර්ශන CIDයට
පසුගියදා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කලින් පිට වූ බවට පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවට භාරදීමට විභාග දෙපාර්තමේනතුව තීරණය කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් ඩබිලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අද දිනයේ පොලීසිය සමග සාකච්ඡා කරන බවයි.
ඔහු පැවසූවේ, පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිට වී ඇති බවට ගුරු වෘත්තීය සමිති මාධ්‍ය වෙත කරුණු අනාවරණ කර ඇති බව යි.
එහෙත් තමන් වෙත මේ පිළිබඳව කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිට වූ බවට පළ වී ඇති වාර්තා හම්බන්තොට, පොල්ගහවෙල, රඹුක්කන, ගම්පහ සහ කන්තලේ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment