Saturday, 18 August 2012
ගල්පර අතරින් ජීවිතයක් ගොඩ ගනී
කොළඹ කොල්ලුපිටිය සමුද්‍ර මාර්ගයේ ගල් දෙකක් අතර සිර වී සිටි තරුණයා බේරාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අද 12.20 ට පමණ ලද තොරතුරකට අනුව එම තරුණයා බේරා ගැනීම සඳහා ගිනිනිවිම් සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි.
ඒ අනුව ක්‍රියාත්මක වු කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් හයිඩ්‍රොලික් උපකරණයක් මගින් අදාළ ගල් දෙක ඈත් කර තරුණයා බේරාගෙන තිබේ.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ අංශ භාර නිලධාරී ඒ. එන්. ලොකුවිතාන මහතා පැවසුවේ අදාළ පුද්ගලයාගේ හිස පහතට සිටින සේ ගල් දෙක අතර සිර වී සිටි බවයි.
පසුව එම පුද්ගලයා ගිලන් රථයකින් ජාතික රෝහල වෙත යවා තිබේ.
පොලීසිය පැවසුවේ ඔහු රෝහල කරා රැගෙන යනවිට සිහිමුර්ජා තත්ත්වයෙන් පසු වූ බවයි.
අප කළ විමසීමකදී ජාතික රෝහලේ නිලධාරියෙකු පැවසුවේ එම තරුණායගේ හිසට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවයි.
අදාළ පුද්ගලයාට මේ වනවිට පියවි සිහිය ලැබී ඇති බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment