Sunday, 19 August 2012

වෙළඳ සේවිකාවක වෙඩි තබා ඝාතනය කෙරේ

වාද්දූව, මොරොන්තුඩුව ‍ප්‍රදේශයේ වෙළඳසළක් තුළදී සිදූ කළ වෙඩි තැබීමකින් එහි සේවිකාවක මියගොස් තිබේ. පොලීසිය පැවසූවේ, අද පෙරවරුවේ වෙළඳසළට පැමිණි පුද්ගලයකු අදාළ වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි. වෙඩි තැබිමෙන් තුවාල ලැබු කාන්තාව මිය ගොස් ඇත්තේ, පානදුර රෝහලට ඇතුළත් කිරිමෙන් පසුවයි. වෙඩි තබා පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනිමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.

No comments:

Post a Comment