Monday 27 August 2012

දස වසරේ වලංගුව තෙවසරක් දක්වා පහළට

බාලවයස්කරුවන් සඳහා විදේශ ගමන් බලපත්‍රයේ වලංගු කාල සීමාව අඩුකර තිබේ. ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා පැවසුවේ, වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා මීට පෙර වසර 10 ක් දක්වා පැවති එම කාල සීමාව වසර 03 දක්වා අඩුකර ඇති බවයි.‍ ඊට අමතරව බාලවයස් දරුවන් සඳහා විදේශ බලපත්‍ර ගාස්තුව ද සංශෝධනය කර තිබේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ළමුන් සඳහා සියලුම රටවල් සඳහා වන එක්දින සේවයට බලපත්‍ර ගාස්තුව රුපියල් 3,500 ක් බවයි. සාමාන්‍ය සේවය සඳහා වන නව ගාස්තුව රුපියල් 1500ක් වනු ඇති. මැදපෙරදිග රටවල් සඳහා දරුවන්ට එක්දින සේවා ගාස්තුව රුපියල් 1500 ක් වන අතර සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 1000 ක් බව අදාළ නිවේදනයේ සඳහන් ය.

No comments:

Post a Comment