Saturday 4 August 2012

ලොව වේගවත්ම කත කිරුළු පළදී

ජැමෙයිකානු ක්‍රීඩිකා ෂෙලි ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් ලොව වේගවත්ම කාන්තාව ලෙස කිරුළු පැළදුවාය. ඒ ඇය අද අලුයම පැවති ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගය ජය ගැනීමත් සමගයි. ලොව සුපිරි කෙටි ධාවන ශූරියන් රැසක් සහභාගී වූ මෙම ඉසව්වේදී අමෙරිකාවේ කාමෙලිටා ජෙටර් කෙරෙහි වැඩි බලාපොරොත්තු තබා තිබිණ. එහෙත් සියල්ලන් අභිබවා තත්පර 10.75ක කාලයකින් තරගය නිම කරමින් ලොව වේගවත්ම කාන්තාව වීමේ භාග්‍ය ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් හිමි කර ගත්තාය. නිමා වූ බෙයිජිං ඔලිම්පික් උළෙලේදී ඇය මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර ඒ අනුව අමෙරිකාවේ ගේයිල් ඩිවර්ස්ගෙන් පසුව අඛන්ඩව අවස්ථා දෙකකදී මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ ඔලිම්පික් පදක්කම දිනා ගත් පළමු ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි. ඇයට වඩා තත්ත්පර .03ක් පිටුපසින් සිටි අමෙරිකාවේ කාමෙලිටා ජෙටර් ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තාය. ලෝකඩ පදක්කම හිමි වූයේ, ජැමෙයිකාවේ වෙරෝනිකා කැම්බල්ටයි

No comments:

Post a Comment