Sunday 5 August 2012

යෑන්ග්ගෙන් නව ලෝක වාර්තාවක්

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ අද අලුයම පැවති මීටර් 1500 නිදහස් ආර පිරිමි පිහිනුම් අවසන් තරගයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට චීනයේ සුන්ග් යෑන්ග් සමත් විය. සුන්ග් යෑන්ග් තරගය නිම කළේ, මිනිත්තු 14යි තත්පර 31.02ක කාලයකිනි. ඒ අතර අද අලුයම පැවති මිටර් 100 සහය මිශ්‍ර ආර කාන්තා පිහිනුම් ඉසව්ව ජය ගත් අමෙරිකා කණ්ඩායම ද නව ලෝක වාර්තාවක් පිහිටුවීය. ඒ මිනිත්තු 3යි තත්පර 52.05ක කාලයකින් තරගය නිම කරමිනි. නෙදර්ලන්තයේ රැනෝමි ක්‍රොමොවිජෝයෝ මීටර් 50 නිදහස් ආර කාන්තා පිහිනුම් ඉසව්වේ නව ඔලිම්පික් වාර්තාවක් පිහිටවූවාය. ඇය තත්ත්පර 24.05ක කාලයකින් තරගය නිම කළාය.

No comments:

Post a Comment