Tuesday, 28 August 2012
බිලි පුජාවට එරෙහි උද්ඝෝෂණ වළකමින් වාරණ නියෝගයක්
හලාවත, හද්‍රකාලී අම්මන් කෝවිලේ වාර්ෂික බිලි පූජාවට බාධා වන පරිදි විරෝධය දක්වමින් සත්‍ය ක්‍රියාවේ නිරතවීම පා ගමන් හා පෙළපාළි පැවැත්වීම වළක්වාලමින් හලාවත දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය.
ඒ හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජගත් ඒ. කහඳගමගේ මහතා හමුවේ පොලීසිය ගොනු කළ පැමිණිල්ලක් සලකා බලමිනි.
එහිදී හලාවත පොලීසිය අධිකරණය වෙත දැනුම් දී සිටියේ අම්මන් කෝවිලේ පුජාවට විරුද්ධව යම් පිරිසක් පෙළපාළි පවත්වා උද්ඝෝෂණවල නිරතවීමට සුදානමින් සිටින බව දැනගන්නට ලැබුණු බවයි.
එසේ සිදුවුවහොත් සාමය කඩවීමක් සිදුවන බැවින් පුජාවට විරුද්ධව පැවැත්වෙන විරෝධතා වළක්වාලමින් වාරණයක් පනවන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment