Friday 10 August 2012

චම්පික පාපෝච්චාරණය කරයි

ලක්විජය විදුලි බලාගාරය ක්‍රියාවිරහිතවීම සහ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් රටට හේතු දැක්වීමට විදුලිබල හා බලශක්ති ඇමති චම්පික රණවක මහතාට සිදුව ඇත. ඇමතිවරයා ප්‍රථම වරට මාධ්‍ය ඔස්සේ පවසන්නේ මෙම වදුලි බලාගාරයේ තත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් ඉදිකිරීමේ සිටම මෙහි ප්‍රධාන වැරදි තුනක් ඇති බවත්ය. එහිදී ඇමවරයා පවසන්නේ "ඉදිකීරීමේ සිටම කොහොමටවත් මේ බලාගාරයේ තත්වය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. මෙම බලාගාරය නිසි තැන ඉදිවුනේ නැහැ, නිසි කාලයට ඉදිවුනේ නැහැ, ඒ වගේම නිසි තාක්ෂණය ගන්න බැරිවුනා. මීට කලින් 1997 දි මෙතන ඉදිවෙන්න තිබුනෙ අන්තර් ජාතික සම්මතවලට අනුකූල බලාගාරයක්. අපිට ඒක නිසි ප්‍රමිතියට කරගන්න බැරිවුනා. ඒ අවස්ථාවෙ තමයි චීන රජයෙන් අපිට මේ කර්තව්‍ය ඉටුකරල දුන්නෙ. ඒ අදාල තාක්ෂණික තත්වයන් තවමත් පරිපූර්ණවෙලා නැහැ." යනුවෙනි. තවදුරටත් ඇමතිවරයා "මේ බලාගාරය මේ වගේ කාලයකදි ඉතාම වැදගත් වෙනව. මේ බලාගාරය නැතුව, ජලවිදුලි උත්පාදන අඩු කාලවලදි පැය 24පුරාම විදුලිය දෙන්න අපිට හැකියාවක් නැහැ." යනුවෙන්ද පැවසීය. තවදුරටත් ඔහු පවසන්නේ "එකදිගට අඛණ්ඩව මේ බලාගාරය වැඩ කිරීම හේතුවෙන් සහ මේ සම්ප්‍රේෂණ රැහැන්වල ලවන බැඳිල නිසා ඒව ඉවත්කරගන්න පටන්ගත්තුවෙලාවෙ තමයි බලාගාරයේ මේ බිඳවැටීම සිද්ධවුනේ. අපි හැකි ඉක්මනින් ඒක යථා තත්වයට පත්කරන්න බලාපොරොත්තු වෙනව. මේකට ඉතින් එක්කෙනෙකුට දෙන්නෙකුට දොස් කියල විසඳන්න පුළුවන් ප්‍රශ්ණයක් නෙවෙයි." යනුවෙනි. මීට පෙර පසුගිය 24 වනදා ලක්විජය බලාගාරය බිඳවාටුනු අතර දින දෙකක් පැය තුන බැගින් විදුලිය අත්හිටුවන ලදී. 2011 වසරේ මාර්තු මාසයේ විවෘත කළ නොරෝච්චෝලේ ලක්විජය බලාගාරය මේ දක්වා ගතවූ කාලය තුළ විවිද හේතු මත වරින් වර දින 135ක පමණ කාලයක් ක්‍රියාවිරහිතවී තිබේ. මේ වසර තුළ මීට පෙර අවස්ථා තුනකදී එය ක්‍රියාවිරහිතවිය. ඒ ජනවාරි 18 සිට 20 වනදා දක්වත් අප්‍රේල් 26වනදා සිට 28 වනදා දක්වාත් ජූලි 21වනදා සිට 26 වනදා දක්වාත්ය.

No comments:

Post a Comment