Thursday, 23 August 2012
ලක්විජය හැදූ චීන සමාගමෙන් චෝදනාවක්
වාර්ෂික නඩත්තුවකින් තොරව පමණ ඉක්මවා ක්‍රියාත්මක කිරීම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය බිදවැටීම්වලට ආසන්නතම හේතුව බව එය නිර්මාණය කළ චීන සමාගම පවසයි.
එම සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු සාවෝ වෙන්ෂු මහතා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේ, නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය සමස්ත දිවයිනටම විදුලිය සපයමින් නියමිත සීමාව ඉක්මවා ක්‍රියාකරවා ඇති බවයි.
නොරොච්චෝලේ ගල්අගුරු බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 300 කි.
එහි පළමු අදියර සඳහා චීනය අමෙරිකානු ඩොලර් මිලියන 450 ක ණය මුදලක් පිරිනමා ඇති අතර දෙවන අදියර සදහා ඩොලර් මිලියන 891 ක ණය මුදලක් පිරිනමා ඇති බව රොයිටර් වාර්තා කර තිබේ.
2014 වසරේදී මෙහි ඉදිකිරීම් අවසන් කිරිමට නියමිත අතර මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් මෙමගින් උත්පාදනය කිරීමට අපේක්ෂිතයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment