Sunday 5 August 2012

මන්‍ත්‍රී පුෂ්පකුමාර රක්ෂිත බන්ධනාගාරයට

පොලිස් රාජකාරියට බධා කළ බවට සැකපිට අත්අඩංගුවට පත් එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්‍ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හා බෝපේ පොද්දල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිල නුවන් යන මහත්වරුන් ලබන අටවැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ අදාළ සැකකරුවන් අද පස්වරුවේ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අක්මීමන තල්ගම්පොල ප්‍රදේශයේ ඊයේ පැවති විවාහ උත්සවයක් හේතුවෙන් එම මාර්ගයේ ඇති වූ රථවාහන අවහිරයක් මගහැරවීමට පොලීසිය උත්සහගත් අවස්ථාවේදී සැකකාර මන්ත්‍රීවරුන් ඊට බාධාකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. අනතුරුව ඔවුන් අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

No comments:

Post a Comment