Tuesday 18 September 2012

බස්නාහිර පළාතේ මාර්ග 8ක බස් වර්ජනයක්

බස්නාහිර පළාතේ මාර්ග 8ක පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, අයථා පරිදි බස් රථක් යෙදවීමට විරෝධය පළ කර මෙම වර්ජනය ආරම්භ කළ බවයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, රත්නපුර - පානදුර, පාදුක්ක - හොරණ, පිලියන්දල - ගෝනපල, පිලියන්දල- බණ්ඩාරගම යන මාර්ගවල වර්ජනය ක්‍රියාත්මක වන බවයි. මීට අමතරව කළුතර - බණ්ඩාරගම, හොරණ - පානදුර යන මාර්ගවලද මෙම පෞද්ගලික බස් වර්ජනය ක්‍රියාත්මකයි.

No comments:

Post a Comment