Friday, 28 September 2012

කොළඹ දැඩි රථවාහන තදබදයක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන් මේ වනවිට කොළඹ නගරයට ළගා‍ වෙමින් තිබේ. අප වාර්තාකරුවන් පැවසූවේ, මේ හේතුවෙන් කොළඹ බේස්ලයින් මාර්ගය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතින බවයි. ඒ අතර කොළඹ ගාලුපාරේ දෙහිවල සිට කොළඹ දෙසට වාහන ඇතුළුවීමේදී දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි. කොළඹ පොලිස් හදිසි ඇමතුම් අංශය සඳහන් කළේ, සංඝරාජ වටරවුම ප්‍රදේශයේද මේ අවස්ථාවේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි.

No comments:

Post a Comment