Sunday 30 September 2012

මහ නාහිමිවරුන් මැදිහත් වීම කොන්දේසි විරහිතව පිළිගන්නවා

තම ගැටළු විසදා ගැනීමට මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් මැදිහත් වන්නේනම් කොන්දේසි විරහිතව එය පිළිගන්නා බව විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එම සම්මේලනයේ මහලේකම් ආචාර්ය ටෙරන්ස් මධුරජිත් මහතා මේ බව පැවසුවේ, පසුගියදා මහනාහිමිවරුන්, ඔවුන්වෙත යොමුකල සන්දේශය පිළිබදව අදහස් දක්වමින්ය. අපකල විමසීමකදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් මැදිහත්වීම පිළිගන්නා බවය. පසුගිය සිකුරාදා පෙරවරුවේ ලිපියක් නිකුත්කරමින් සියම් මහා නිකායේ මල්වතු,අස්ගිරි මහ නාහිමිවරුන් කියා සිටියේ දෙපාර්ශවය කැදවා සම්මුතියකට එළැඹීමට අපේක්ෂා කරන්නේනම් මැදිහත් පාර්ශව කරුවන් ලෙස ඊට සහභාගී විය හැකි බවය. දෙපාර්ශවයක් අතර ගැටළුවක් නිරාකරණය කරගැනීමට අන්තගාමීත්වයෙන් තොරව මැදහත් බවින් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව මහ නාහිමිවරුන්ගේ එම ලිපියේ සදහන් වේ.

No comments:

Post a Comment