Sunday, 30 September 2012

චන්ද්‍රිකා වැවේ තාවුල්ල හැරූ පුද්ගලයින් 11ක් අත්අඩංගුවට

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ, වැව් තාවුල්ල හැරූ පුද්ගලයින් 11 දෙනෙකු අඹිලිපිටිය ‍පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම ස්ථානයේ මැණික් ඇති බවට ඇතිවූ විශ්වාසයක් මත ප්‍රදේශවාසීන් ඊයේ පස්වරුවේ එලෙස පස් රැගෙන යාමට තැත්කර ඇති බවය. අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබූ ලොරි රථ 3 ක්,ත්‍රිරෝද රථයක්,අත්ට්‍රැක්ටරයක් ද පොලිසියභාරයට ගෙන තිබේ

No comments:

Post a Comment