Sunday 30 September 2012

එහෙමනං ගුරු වැටුප් වැඩිවීමකුත් ඕන වෙයි

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවෙන්නේ නම් පාසල් ගුරුවරුන්ගේ ද වැටුප් වැඩිවිය යුතු බව ආපදා කලමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ අඟුනකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ප්‍රකාශ කළේය. ’’ මේ රටේ ආචාර්ය මහාචාර්යවරු විශාල කාර්යභාරයක් කරනවා.ඒක අපි අමතක කරන්නේ නෑ.හැබැයි අපිට අමතක කරන්න බෑ ඊටත් වඩා ඒ හා සමානව කටයුතු කරන තව කණ්ඩායම් ඉන්නවා අධ්‍යාපනය වෙනුවෙන්.මේ පාසල්වල ඉන්න ගුරුවරු ශිෂ්‍යත්වෙ පාස් කරන්න සාමාන්‍ය පෙළ පාස් කරන්න උසස් පෙළ පාස් කරන්න කටයුතු කරන්නේ නැත්නම් මොකක්ද වෙන්නේ ? විශ්ව විද්‍යාලෙ කවුද ඉගෙන ගන්නෙ ? අධ්‍යාපනයේ මූලාරම්භය මෙහේ අරගෙන ඒ ගොල්ලන් ගෙනිහිල්ලා අවසාන අදියර තමයි විශ්වවිද්‍යාල වලින් ඒ අය ලබා දෙන්නේ.ඒ නිසා අපි ඒ අය ගැන බලන්න ඕන . ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමකුත් එහෙනං ඕන වෙයි.’’

No comments:

Post a Comment