Monday, 1 October 2012

සරසවි ඇඳුරන් මහනාහිමිවරුන් හමුවීමේ සූදානමක්

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අද මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හමුවීමට සැලසුම් කර තිබේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසුවේ පසුගියදා උන්වහන්සේ, ලිපියක් මගින් කළ දැනුම් දීමට ප්‍රතිචාර වශයෙන් මෙම හමුවීම සිදුකරන බවය. මෙහිදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දැනට මුහුණදී ඇති ගැටලු පිළිබඳ මහනාහිමිවරුන් පුළුල් ලෙස දැනුවත් කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලීමට අනුව අද දිනයේ තමන් සේවයට වාර්තා නොකරන බවද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment