Wednesday 26 September 2012

පියාගේ රියදුරු දෑතට දෙහැවිරිදි දියණිය බිලි

කරුවලගස්වැව, තබ්බෝව ප්‍රදේශයේදී පියා පැදවු බස්රථයට යටවීමෙන් දියණියක ජිවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය පැවසුවේ අද උදෑසන 9 ට පමණ අනතුර සිදුව ඇති බවයි. නිවස අසල නවතා තිබූ බස්රථය යළි ධාවනය කිරීමේදී එය ඉදිරිපිට රැදී සිටි දියණිය ඊට යට වී තිබේ. අනතුරින් මියගිය මනීෂා ප්‍රභාෂීනී නැමති දැරියගේ වයස අවුරුදු 2 කි. සිද්ධියෙන් කම්පනයට පත් වු පියාද නිවසේ තිබූ භුමිතෙල් පානය කිරිම හේතුවෙන් තබ්බෝව රෝහලට ඇතුලත් කර තිබේ.

No comments:

Post a Comment