Wednesday, 26 September 2012

තෙවන දිනටත් ආචාර්යවරුන් මහ පාරේ

"රාජ්‍ය අධ්‍යාපනය රැකගනිමු" යන මැයෙන් සරසවි ආචාර්යවරුන් විසින් සංවිධානය කර තිබූ පාගමන අද (26) තෙවන දිනටත් අලුත්ගමින් ගමන් ඇරඹීය. අද පෙරවරු 9.00 ට අලුත්ගමින් ගමන් ඇරඹූ මෙම පාගමනට එ.ජා.ප. මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද එක්ව සිටිනු දක්නට ලැබිණි. බේරුවල ප්‍රදේශයෙන් මෙම පාගමනට ජ.වි.පෙ. සාමාජිකයින් පිරිසක් ද එක්විය. විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන පෙළේ ක්‍රියාධරයින් වන නිර්මාල් රංජිත් දේවසිරි, ප්‍රභාත් ජයසිංහ, පූජ්‍ය දඹර අමිල හිමි, චන්ද්‍රගුප්ත තේනුවර යන උදවිය පාගමනේ ඉදිරියෙන්ම ගමන් කළ අයුරුයි මේ.

No comments:

Post a Comment