Tuesday 18 September 2012

නැගෙනහිර මහ ඇමති පුටුව අබ්දුල් මජීඩ්ට

නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස අබ්දුල් මජීඩ් මොහොමඩ් නජීබ් මහතා අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය. අරලිගයගහ මන්දිරයේදි පැවති දිවුරුම් දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පෙරුම, රිෂාඩ් බදියුදීන්, ඒ.එල්.එම්. අතාවුල්ලා සහ රවුෆ් හකිම් යන අමාත්‍යවරු ච සහභාගී වූහ. ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහොන් විජේවික්‍රම, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහාගී වු බවයි. ඒ අතර ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා නැගෙනහිර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයකු ලෙස පත්කර තිබේ. ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ, ඊට අදාළ පත්වීම් ලිපිය අද ඒ මහතා වෙත භාරදුන් බවයි.

No comments:

Post a Comment