Tuesday 18 September 2012

පොලිස් නිලධාරියකුට වෙඩි ප්‍රහාරයක්

මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ අද පස්වරු 1.55 ට පමණ සිදුවු වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලැබීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරින් සිව්දෙනෙකු වැටලීමට ගිය අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු වෙඩි තබා ඇති බවයි. වෙඩි වැදීමෙන් අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

No comments:

Post a Comment