Friday 14 September 2012

මුස්ලිම් කොංග්‍රසය සමග මූලික අවබෝධයකට පැමිණියා

නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග මූලික අවබෝධයකට පැමිණ සිටින බව එක්සත් ජනතා නිදහස් සංධානය පවසයි. එහි මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ, ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන බවයි. මේ අතර තේරී පත්වූ සභිකයින් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ගැසට් කිරීමෙන් පසු උතුරුමැද හා සබරගමුව පළාත් සභාවේ මහ ඇමති ධූර සඳහා නම් කිරීම සිදුවනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment