Monday, 24 September 2012

මේජර්වරයා සැකකරුවෙකු හඳුනා ගනී

කොළඹ සුපිරි හෝටලයකදී යුද හමුදා බුද්ධි අංශ මේජර්වරයකුට හා කෝප්‍රල්වරයෙකුට පහරදුන් බව කියන සිද්ධියේ එක සැකකරුවකු අදාළ හමුදා මේජර්වරයා විසින් අද අධිකරණයේදී හඳුනාගනු ලැබීය. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදීයි. පෙරට්ටුවට ‍අදාළ පහරදීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් පස් දෙනෙකු ඉදිරිපත් කර තිබිණ. කෙසේ වෙතත් පහරදීමට ලක්වූ කෝප්‍රල්වරයාට කිසිදු සැකකරුවකු හඳුනාගැනීමට නොහැකි විය. මේ අතර දැනට අධිකරණයෙන් ඇප ලබාසිටින පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වන අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා හා රෙහාන් විජෙරත්න යන මහත්වරු අද අධිකරණය හමුවේ පෙනී සිටියහ. හඳුනාගැනීමේ පෙරට්ටුවෙන් පසුව අදාළ පැමිනිල්ල අද පස්වරු 1.30 දක්වා කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියම කළේය.

No comments:

Post a Comment