Saturday, 27 October 2012
කුඩාවැල්ල ප්‍රදේශයේ මුහුදේ දී පැහැර ගැනීමට ලක්වූ බහුදින ධීවර යාත්‍රාවෙන් ඔස්ට්‍රේලියාවේ කොකෝස් දූපතට ඇතුළු වූ පුද්ගලයින් 14 පිටුවහල්
කුඩාවැල්ල ප්‍රදේශයේ මුහුදේ දී පැහැර ගැනීමට ලක්වූ බහුදින ධීවර යාත්‍රාවෙන් ඔස්ට්‍රේලියාවේ කොකෝස් දූපතට ඇතුළු වූ පුද්ගලයින් 14 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමට තීරණය කර තිබේ.
අද (27) පස්වරුවේ ඔවුන් එරටින් පිටිවහල් කිරීමට නියමිත බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය ඔක්තොම්බර් මස 13 වන දින කුඩාවැල්ල මුහුදේ දී බෝට්ටුවකින් පැමිණි පිරිසක් විසින් "චේජාන්" නැමැති මෙම බහුදින ධීවර යාත්‍රාව පැහැර ගනු ලැබූ අතර එහි සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ද අතුරුදන් විය.
තවත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගනු ලැබීය.
මෙම බහුදින ධීවර යාත්‍රාව පැහැරගනු ලැබූ පුද්ගලයින් ඔස්ට්‍රේලියාවට පලායන්නට ඇති බවට සැකපළ කෙරුණු අතර ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය විසින් ඔවුන් පිළිබඳව ජාත්‍යන්තර පොලීසියට ද දැනුම් දෙනු ලැබීය.
පුද්ගලයින් 15 දෙනෙකු අදාළ යාත්‍රාව සමග පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බව එරට බලධාරීන් පවසයි.
ඒ අනුව ඉන් පුද්ගලයින් 14 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment