Saturday, 27 October 2012

ප්‍රා. මන්ත්‍රීවරයකු අත්අඩංගුවට

අනුරාධපුර, පෙරමියන්කුලම ප්‍රදේශයේ පුරාවිද්‍යා බිමක අනවසර ඉදිකිරීම් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර මධ්‍යම නුවරගම්පළාත ප්‍රාදේශිය සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකි. අනුරාධපුර පුරා විද්‍යා නාගරික විශේෂ වැඩබිම් ඒකකයේ නිලධාරින් කළ පැමිණිල්ලකට අනුව සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත

No comments:

Post a Comment