Wednesday 31 October 2012

කිරිගරුඬ ප‍්‍රවාහනය කළ පොලිස් පොඩ්ඩෙක් ඇතුළු 4 ක් අත්අඩංගුවේ

කිරිගරුඬ ප‍්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සිවු දෙනෙකු මහනුවර බලගොල්ල ප‍්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම පළාත් ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් මෙම වැටලීම සිදු කොට ඇති බව සඳහන්ය. අත් අඩංගුවට ගත් කොස්තාපල්වරයා පේරාදෙණිය පොලිසියට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකු වන අතර සෙසු සැකකරුවන් නාවල පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment