Wednesday 31 October 2012

කහවත්තේ තවත් කතක් ඝාතනය කෙරෙයි

කහවත්ත, වරාපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමුවී ඇත. තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් මෙලෙස හමුවී ඇතැයි පොලීසිය පවසයි. මෙලෙස මිය ගොස් පන්සල පාර, වරාපිටිය ප්‍රදේශය පදිංචි චන්ද්‍රාවතී නැමැති අයෙකි. අද (31) පස්වරු 5.30 ට පමණ මෙම අපරාධය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ අවුරුදු 60 ක පමණ වූ කාන්තාවක් බව පොලීසිය සඳහන් කරයි. කහවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment