Monday 15 October 2012

කොරියාවට යන විභාගෙන් විශාල පිරිසක් අවතැන්

කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (14) සහ පෙරේදා (13) පවත්වනු ලැබූ කොරියන් භාෂා ප්‍රවීනතා විභාගයට පෙනීසිටීම සඳහා පැමිණි අයදුම් කරුවන් විශාල පිරිසකට එයට පෙනීසිටීමට නොහැකිවූ බව වාර්තාවේ. එසේ විභාගයට පෙනීසිටීමට නොහැකිවූවන්ගෙන් අප කළ විමසීමකදී ඔවුන් පැවසූවේ මෙවන් අදහසකි. වරුණ වීරසිංහ මහතා :- "මට විභාගේ පැවැත්වෙන වේලාව විදිහට දන්වලා තිබුනේ පෙරවරු 10.30. මට විභාග මධ්‍යස්ථානය තිබුනේ තර්ස්‌ටන් විද්‍යාලයේ. මම එතෙන්ට එනකොට 9.40යි. වෙලාව පරක්කුවෙලා කියලා මට ඇතුළට යන්න දුන්නේ නැහැ. ඒත් මහානාම විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට පෙරවරු 10.15ට ආපු අයත් ඇතුළත්කරගෙන තිබුනා." යැයි 28වන වියේ පසුවූ වීරකැටියේ සිට පැමිණි ඒ මහතා පැවසීය. පී. ඒ. ප්‍රියන්ති මහත්මිය :- "මමත් අනික් අය වගේම පාස්‌පෝට්‌ එක ගැනීමට රුපියල් 7,500 ක්‌දුන්නා. ඇතුළත් වීමේ ගාස්‌තුව රුපියල් 3,250ක්‌ කුත් දුන්නා. පංතිවලට සහභාගි වූ රු. 10,000ක් දුන්නා. කොරියන් භාෂා පොත ලබාගැනීමට රුපියල් 1,000ක්‌ දුන්නා. තම සිම් කාඩ්එකක් දුන්නා ඒකටත් රුපියල් 150ක් ගත්තා‍. ඒ සේරම කරලත් විභාගෙ ලියාගන්න බැරිවුනා. වියදම් කරපුවා සේරම වතුරේ ගියා" යැයි පැවසීය. ඇය පැමිණ තිබුනේ රත්නපුරේ සිටය. මෙම විභාගයට පෙණී සිටි අපේක්ෂකයන් විශාල පිරිසක් අප සමග පැවසූවේ රුපියල් 150 බැගින් ලබාදී සිම් කාඩ් පතක් ලබාදුන් බවත් එය ලබාදුන්නේ විභාය පැවැත්වෙන දිනය කල් වේලා ඇතිව ලබා දෙන්නේ එම සිම් කාඩ් අංකයට පමණක් යැයි පවසමින් බවත්ය. නමුත් එම අංකයට කිසිඳු දැනුම් දීමක් නොකළ අතර පුවත් පත් දැන්වීම් පළ කළත් ඒවායෙහි අපේක්ෂකයන්ගේ නම්, අංක සහ විභාග මධ්‍යස්ථාන මාරුකර තිබූ බවත් ඔවූහු පැවසූහ. මෙහි වගකිව යුත්තන්ගේ අපරීක්ෂාකාරී ක්‍රියාවන් නිසා අපේක්ෂකයන් විශාල පිරිසකට විභාගය අහිමිවී ගිය බවත් ඔවූහු වැඩිදුරටත් පවසති. මෙම දින දෙක තුළ දිවයින පුරා කොළඹට නුදුරු පාසල් 09ක පැවති විභාග මධ්‍යස්ථානවලදී අපේක්‍ෂකයන් 34,200ක්‌ පෙණීසිටීමට නියමිතව සිට ඇත. ඔවුන් ගෙන් එක් කණ්ඩායමක් පෙරවරු 10.30ටත් තවත් කණ්‌ඩායමකට පස්‌වරු 2.30ටත් පැවැත්වින.

No comments:

Post a Comment