Saturday 27 October 2012

අචින්ත්‍යාගේ මවටත් ජීවිතය අහමි වෙයි

නිට්ටඹුව, අලවල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, 30 හැවිරිදි අදාළ කාන්තාව ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වූ බවය. පස් කන්දට යටවී මියගොස් සිටි ඇගේ දියණිය වූ දෙහැවිරිදි අචින්ත්‍යාගේ සිරුර පසුගිය 23 වැනිදා අලුයම සොයා ගැනිණ. ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් නිවසක් මතට පස්කන්දක් කඩාවැටී අනතුර සිදුවුනේ පසුගිය 22 වැනිදාය. පස්කන්දට යටවීමෙන් බරපතල තුවාල ලැබූ අදාළ කාන්තාව වතුපිටිවල රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලත් මාරු කර එවා තිබිණ

No comments:

Post a Comment