Sunday, 28 October 2012
පිටුවහල් කළ 14 දෙනා අතර අතුරුදන්වූ ධිවරයින් තිදෙනා නැහැ
ඔස්ට්‍රේලියාවට ගොස් සිටියදී පිටුවහල් කළ ශ්‍රි ලාංකිකයින් 14 දෙනා අතර කුඩාවැල්ල මුහුදු තීරයේදී පැහැර ගත් ධීවර යාත්‍රාවේ සිට අතුරුදන්වූ ධිවරයින් දෙනා නොමැති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව ය.
ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ දිවයිනට පැමිණි ශ්‍රි ලාංකිකයින් 14 ගෙන් ඒ පිළිබදව ප්‍රශ්න කරගෙන යන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කළේ, ඔවුන් මාතර පොලීසියේ විශේෂ කණ්ඩායමක් භාරයට ගෙන පරීක්ෂණ ආරම්භකර ඇති බව ය.
අදාල ලාංකිකයෝ පිරිස ඊයේ පෙරවරුවේ ගුවන් මගින් දිවයිනට පැමිණියහ.
ඔස්ට්‍රේලියාව බලා ගිය එම පිරිස කොකොස් දිවයින සමීපයේදී ඔස්ට්‍රේලියානු බලධාරින් විසින් සිය භාරයට ගැනුනේ පෙරේදා දිනයේදී ය.
තේජාන් නැමති එම යාත්‍රාව මගින් පුද්ගලයින් 15 දෙනෙකු ඔස්ට්‍රේලියාව වෙත ගොස් ඇති අතර ඒ අතරින් එක් පුද්ගලයකු ඊයේ දිවයිනට එවා නොමැති අතර ඉදිරි දින කිහිපය ඇතුලත ඔහුද ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බව ඔස්ට්‍රේලියානු ආගමන විගමන බලධාරින් උපුටා දක්වමින් එරට මාධ්‍ය අනාවරණ කළේය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment