Monday, 29 October 2012

රත්‍රං නෞකාව මහ මහුදේදී අතුරු දහන්

පොලිමෙටල් රන් ආකර සමාගමේ රත‍්‍රං නිධි ටොන් 700ක් රැගත් රුසියා නැවක් නාවිකයන් 09 දෙනකුද සමග මහා වැසි සමග ඇතිවූ අයහපත් කාලගුණය මැද්දේ ඔක්හොට්සක් මුහුදේ යාත‍්‍රා කරමින් සිටියදී ආගිය අතක් නැතැයි මොස්කම් නුවරින් වාර්තා වෙයි. තෙරාන් සිට ඔක්හොට්සන් මුහුදේ පෙල්ඩිස්ටෝ දිවයින බලා යාත‍්‍රා කරමින් සිටියේය. එහි වටිනාකම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් එම සමාගම විසින් සිදුකර නොමැති අතර සාමාණ්‍යයෙන් වෙනදා යාත‍්‍රා කරන මුහුදු මාර්ගයේ එම නැව ගමන් කළ බව සමාගම පවසයි. අතුරුදන්වූ නැව සෙවීමට දියගොඩ යාත‍්‍රාවක් ද, නැව් තුනක් ද හෙලිකොප්ටරයක් ද යැවූ නමුත් නැවක සුන්බුන් හෝ අනතුරේ සෙයාවක් සොයාගැනීමට හැකිවී නැත. මුහුදේ දැඩි රළු ස්වභාවය නිසා මෙහෙයුම් කටයුතුද නතරකර දමා තිබේ. එම පෙදෙසේ මුහුදු රැල්ල මීටර් හතරක් (අඩි 13ක්) පමණ උසට නැගෙන බව සහන සේවකයෝ කියති. නැව ඉරිදා සවස ආධාර ඉල්ලා ඇතත් ඊට ප‍්‍රතිචාර ලැබී නැත.

No comments:

Post a Comment