Monday, 29 October 2012

මුලතිව් දිස්ත්‍රික්කයට අපදා තත්වයක්

මුලතිව් දිස්ත්‍රික්කයට මේවනවිටත් ඇදහැලෙමින් පවතින් ධාරානිපාත වර්ෂාව නිසා මුලතිව්, පුදුකුඩි ඉරිප්පු ආදී ප්‍රදේශවල පවුල් 400කට අධික ප්‍රමාණයක් අවතැන්වී ඇතැයි වාර්තාවේ. පසුගි කාලයේ පැවති යුද්ධය නිමාවී වරස 05කට ආසන්න කාලයක් අවතැන් කඳවුරුවල රඳවාගෙන සිට යලි පදිංචිකළ ජනතාව මෙසේ වර්ෂාව නිසා නැවතත් අවතැන් භාවයට පත්ව ඇති බවත් විශේෂයෙන්ම මෑතකදී මීට මාස කිහිපයකට පෙර යලි පදිංචිකළ ජනතාව වැඩිවශයෙන් මේ අතර සිටින බවත් වාර්තාවේ. ඔවුන්ට ලබාදුන් තහඩු නිවෙස්ද මුළුමනින්ම විනාශවී ඇති බවත් ඔවුන් සිටි ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බවත් මේ වනවිට එම අවතැන් ජනතා රජයේ පාසල්වල නවාතැන්ගෙන සිටින බවත් එම ජනතාවට අවශ්‍ය කිසිඳු පහසුකමක් සපයා දීමට මෙවන තෙක් බලධාරීන් සමත්ව නැති බවත් වැඩිදරටත් වාරතාවේ.

No comments:

Post a Comment