Monday 22 October 2012

ශ්‍රී ලාංකිකයින් දැක් වූ ප්‍රතිචාරයට මා ණය ගැතියි

තම රෝගී තත්ත්වය නිවේදනය කිරිමත් සමඟ ශ්‍රී ලාංකිකයින් ඒ පිළිබදව දැක් වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් තමා දැඩි සතුටට පත් ව සිටින බව ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක ටෝනි ග්‍රේග් මහතා ප්‍රකාශ කළේය. ඔහු පෙනහලු ආශ්‍රිත පිළිකාවකින් පීඩා විඳින බව පසුගිය සති අන්තයේ නිවේදනය කෙරුණි. මීට ස්වල්ප වේලාවකට පෙර නිව්ස් ෆස්ට් සමඟ දුරකතනයෙන් අදහස් දැක් වූ ටෝනි ග්‍රේග් මහතා '' ශ්‍රී ලංකාව මගේ හදවතට සමීප බව හැමෝම දන්නවා.ශ්‍රී ලංකාව සමඟ මගේ ඇති සබඳතාව හුඟක් ඈතට දිව යන්නක්.ඒ 1996 විශිෂ්ට ලෝක කුසලාන ජයග්‍රහණයට පෙර කාලයක සිටමයි.මම එදා අනාවැකියක් පළ කළා.ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනනවා කියලා.ලාංකිකයින්ගේ ක්‍රිකට් ක්‍රිඩා විලාසය විශිෂ්ටයි.ඒ වගේම ලාංකික ජනතාවත් විශිෂ්ටයි.මාගේ රෝගි තත්ත්වය පිළිබඳව නිවේදනය කළ අවස්ථාවේ සිට ලාංකික ජනතාව විවිධ මාර්ග වලින් මට සහය පළ කළා.මුලු රටක්ම මේ වෙලාවේ මා සමඟ මේ තරම් සමීප වීම පිළිබඳව මගේ හදවතේ විශේෂ හැඟීමක් තියෙනවා.මා ඊට ණය ගැතියි ''

No comments:

Post a Comment