Thursday 11 October 2012

ඇඳුරන්ට මෙන් වැටුප් වැඩි වී නොවුණොත් වෛද්‍යවරුනුත් වෘත්තීය ක්‍රියාමාර්ගයේ

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට හා සමානව ඉහළ මට්ටමක වැටුප් වැඩි වීමක් තමන්ට ද ලබා දිය යුතු බව , රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශය කරයි. එම සංගමය අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ , ඊට ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුනහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමත්මක එළඹෙන බව ය. රජයේ ‍වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලීන් ආරියරත්න ’’ අප දැක්කා විශ්වවිද්‍යාල මහාචාර්යවරු මාස 3 ක කාලයක් වෘත්තිය ක්‍රියාමාර්යේ යෙදෙනවා.එතකොට එහෙම එහෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදුනට පස්සේ සාකච්ඡා ලබා දෙනවා.මේක බොහොම නරක පූර්වාදර්ශයක් .ඒහා සමානව ඊට ඉහළ මට්ටමක වැටුප් වැඩිවීමක් රජයේ වෛද්‍ය නිලධාරීන්ටත් ලබා දිය යුතුයි කියන එක තමයි අපි ප්‍රකාශ කරන්නේ.අපි මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමාගෙන් මේ සම්බන්ධව වහාම අපිට සාකච්ඡාවක් ලබාදෙන්න කියලා ඉල්ලා ඉන්නවා.සති දෙකක් ඇතුළත මේ පිළිබඳව ප්‍රතිචාරය නොලැබුණෝතින් ඒ සම්බන්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරලා තියෙනවා.’’

No comments:

Post a Comment