Wednesday, 3 October 2012

බංග්ලාදේශ් මුස්ලිම්වරුන් පන්සල්වලට ගිනි තියයි

බෞද්ධයෙකු විසින් ඉස්ලාම් ආගමට අපහාස කලා යැයි ප‍්‍රකාශ කරමින් බංග්ලාදේශයේ කොක්ස් බසාර් දිස්ති‍්‍රක්කයේ පිහිටි බෞද්ධ විහාරස්ථාන වලට කඩා වැදුනු මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් විහාරස්ථාන 4 ක් ගිනිබත් කර බෞද්ධයන් ජිවත් වූ නිවාස රැසකටද අලාභහානි කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ෆේස්බුක් වෙබ් අඩවියට මුදා හැර තිබූ ඡයාරූපයකින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදුවී ඇතැයිද එම ඡයාරූපය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ බෞද්ධයෙකු විසින් යැයි ද සදහන් කරමින් ප‍්‍රචන්ඩකාරීව හැසිරුණු පිරිස කොක්ස් බසාර් දිස්ති‍්‍රක්කයේ ජීවත් වූ සුළුතර බෞද්ධ ජනතාවට විරුද්ධව මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති අතර හැකි ඉක්මනින් තත්වය සමනය කිරීමට කි‍්‍රයා කරන බවට කොක්ස් බසාර් දිස්ති‍්‍රක්කයේ පොලිස් අධිකාරිවරයා රොයිටර් පුවත් සේවයට ප‍්‍රකාශ කර ඇත

No comments:

Post a Comment