Sunday 11 November 2012

යතුරුපැදි සොරාගත් උදුල් ප්‍රේමරත්න අත්අඩංගුවට

පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වන අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු උදුල් පේමරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියශාන්ත ජයකොඩි මහතා පැවසුවේ බොරලැස්ගමුව ප්‍රදේශයේදි ඊයේ රාත්‍රියේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් සමග ගැටුමක් ඇතිකරගත් බවට සැකපිට ඔහු අත්අඩංගුවට ගත් බව ය. උදුල් ප්‍රේමරත්න මහතා ඇතුළු පිරිසක් ජනතා විමුක්ති පෙරමුණු සමාජිකයින්ට අයත් යතුරුපැදියක් ද පැහැරගෙන ඇති බවට පොලිසියට පැමිණිලි ලැබි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ය. සැකකාර උදුල්‍ ප්‍රේමරත්න මහතා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

No comments:

Post a Comment