Sunday 11 November 2012

ප්‍රදේශ කිහිපයක අනතුරු වලින් අයෙකු මරුට 7 කට තුවාල

අහුංගල්ල ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට විසිවී නිවසක ගැටීමෙන් හමුදා සෙබලෙකු මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලැබූහ. පොලීසිය පැවසුවේ අද අලුයම දෙකට පමණ අනතුර සිදුව ඇති බව ය. අනතුරෙන් නිවසට ද හානි සිදුව තිබේ . ට්‍රක් රථයේ රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැකකරයි. තුවාල ලැබූවෝ බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබති . මේ අතර මීගමුව දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලැබී ය. දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුමිරියක මෙම ත්‍රිරෝද රථය ගැටී ඇති බව ය. මේ අතර අම්බලන්තොට වලව ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් පුද්ගලයෝ තිදෙනෙක් තුවාල ලැබූහ. මෙලෙස අනතුරට ලක්වූයේ බොරැල්ලේ සිට කතරගම වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයකි. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

No comments:

Post a Comment