Sunday, 18 November 2012

ගෑස් සමාගමක් මිල නංවන්න අවසර ඉල්ලයි

ගෑස් මිල ඉහළ දැමිම සඳහා ගෑස් සමාගමක් විසින් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති රූමි මර්සුක් මහතා පැවසුවේ ලාෆ් ගෑස් සමාගම මගින් මේ ඉල්ලිම ඉදිරිපත්කර ඇති බව ය. ඒ අනුව මේවනවිට ලෝක වෙළද‍පොලේ ගෑස් මිලෙහි මෑතකාලිනව සිදුවු උච්චාවචනයන් නිරික්ෂණයට ලක්කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඉන් අනතුරුව අදාළ ඉල්ලිම පිළිබද අධ්‍යයනයට කමිටුවක් පත්කිරිමට නියමිත ය. සභාපතිවරයා අවධාරණය කළේ මෙතෙක් අදාළ ගෑස් සමාගමට මිල ඉහළ දැමිම සදහා අනුමැතිය ලබාදෙන්නේ දැයි කිසිදු තිරණයක් ගෙන නොමැති බව ය.

No comments:

Post a Comment