Tuesday 20 November 2012

මහේල රංගනගේ ගුණ කියයි

දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඉවසීමේ ගුණාංගයෙන් පිරිපුන් ක්‍රීඩකයෙකු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, නවක ක්‍රීඩකයින්ට රංගනගෙන් උගත හැකි පාඩම් රැසක් ඇති බවය. ''නවක ක්‍රීඩකයින්ට ඉවසීමේ ගුණය ගැන ආදර්ශයට ගත හැකි හොඳම පුද්ගලයෙක් තමයි රංගන තමන්ට අවස්ථාව උදාවෙන තෙක් ඔහු වසර 10ක කාලක් මුරලි පසුපස සිටියා ඔහු එයින් අධෛර්යට පත් වුණේ නැහැ. ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා. මුරලිගෙන්ගොඩක් දේවල් ඉගන ගත්තා. අනෙක් පරපුරත් ඒ ආකාරයෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඔවුන් ද ඉවසීමෙන් අධ්‍යනය කළ යුකතුයි. තම අවස්ථාව උදාවෙන තෙක් එය පහසු කාර්යයක් නොවෙයි. ඇත්තටම නවක ක්‍රීඩකයෝ ඒ දේ කරනවා. ඔවුන් හැම විටම රංගන වෙත ඇවිල්ලා ඔහු සමඟ කතා කරලා ගොඩක් දේවල් ඉගන ගන්නවා. යොවුන් පන්දු යවන්නන් කළ යුත්තේ එයයි'' නවසීලන්තය සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 10 ක විශිෂ්ට ජයක් වාර්තා කළේය. එහිදී රංගන හේරත් කඩුලු 11ක් දවා ගත්තේ තරගයේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමිනි. රංගන පළමු ඉණිමේදී ලකුණු 65කට කඩුලු 5ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 43කට කඩුලු 6ක් බිද හෙළීය. ඒ අනුව රංගන හේරත් මෙම වසරේ දී ටෙස්ට් පන්දු යවන්නෙකු දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවට හිමිකම් කියන ක්‍රීඩකයා ද වේ.

No comments:

Post a Comment