Sunday, 11 November 2012

බී .බී .සී .අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස් වෙයි

බී .බී .සී .අධ්‍යක්ෂ ජනරාල් ජෝර්ජ් එන්ට්විෂිල් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඒ කොන්සවේටිව් පක්ෂයේ හිටපු දේශපාලනඥයෙකු වූ මැක් ඇල්පයින් සාමි වරයා ළමා අපයෝජනයකට සම්බන්ධ බවට චෝදනා කරන වාර්තාමය චිත්‍රපටයකින් රූපවාහිණිය ඔස්සේ ප්‍රචාරය කිරීම මුල් කර ගනිමින් ය. බී .බී .සී .නිව්ස් නයිට් විශේෂාංගය මඟින් ප්‍රචාරය කළ මෙම වාර්තාමය චිත්‍රපටය අනුමත කල නොහැකි බව අධ්‍යක්ෂවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණි. ඔහු පැවසුවේ මෙවැනි වැඩසටහන් තුළින් බී .බී .සී ය කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව අර්බුදයක් හට ගන්නා බව ය. කෙසේ වෙතත් අදාළ වාර්තාමය චිත්‍රපටය ප්‍රචාරය කිරීම වරදක් බව බී .බී .සී ය පිළිගෙන තිබේ. විචාරකයින් පවසන්නේ මේ තුළින් බ්‍රිතාන්‍යයේ ගවේෂණශීලී මාධ්‍ය කලාව අර්බුදයකට ලක් ව ඇති බව ය. ළමා ලිංගික අපරාධ වලට හවුල් බී .බී .සී .මාධ්‍යවේදියෙකු වූ අභාවප්‍රාප්ත ජිම් සැවිල් පිළිබඳ තොරතුරු අනාවරණය කරන විශේෂාංගයක් ප්‍රචාරය නොකිරීම සම්බන්ධයෙන් ද බී .බී .සී .නිව්ස්නයිට් වැඩසටහනට චෝදනා එල්ල විය.

No comments:

Post a Comment