Sunday, 11 November 2012

නීතිඥ සංගමයෙන් ඒකමතික තීරණ කිහිපයක්

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් අද පෙරවරුවේ කොළඹ දී පැවැත් විණ. එම සංගමයේ ලේකම් නීතීඥ සංජය ගමගේ මහතා පැවසුවේ, එහිදී යෝජනා කිහිපයක් ඒකමතිකව සම්මත වූ බව ය. මේ වන විට ඉදිරිපත්ව ඇති දෝෂාභියෝග යෝජනාව පිළිබඳව යළි සලකා බලන්නැයි, ජනාධිපතිතුමාගෙන් හා කතානායකයාගෙන් ඉල්ලා සිටීම ඉන් සම්මත වූ එක් යෝජනාවකි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා හා කතානායකවරයා හමු වී සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ඉල්ලා සිටිමට ද ඒකමතිකව තීරණය කර තිබේ. අද පැවති විශේෂ මහා සභා රැස්වීමේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමය එළැඹි තීරණ පිළිබඳ සවිස්තර වාර්තාවක් නිව්ස්ෆස්ට් රාත්‍රි 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින් බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment