Friday 23 November 2012

එප්පාවලදී දෙදෙනෙකු ඝාතනය කෙරේ

එප්පාවල මහඉලුප්පල්ලම ප්‍රදේශයේ දි තියුණු ආයුධයකින් ඇණ පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ කුඹුරට වතුර හැරවිමට ගොස් සිටියදි කිසියම් පිරිසක් පහරදි ඝාතනය කර ඇති බවට පොලීසිය සැක කරයි. පොලීසිය පැවසූවේ, එක් පුද්ගලයෙකු එම ස්ථානයේදිම මියගොස් සිටි අතර අනෙක් පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියදි අද දහවල් මිය ගොස් ඇති බවය. ඔවුන් දෙදෙනා කුඹුරේ වැටි සිටියදි ප්‍රදේශවාසින් දැක පොලීසියට දැන්විමෙන් අනතුරුව තුවාල ලබා සිට සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ.

No comments:

Post a Comment