Saturday 10 November 2012

ඉඩම් ආරවුල ඝාතනයකින් කෙළවරයි

මාතර කැකුණදුර ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ ඉඩම් ආරවුලක් මත ඊයේ රාත්‍රි එම ගැටුම හට ගෙන ඇති බව ය. සිද්ධියෙන් තුවාල ලැබුවන් මාතර රෝහලේ ප්‍රතිකාර ලබන අතර පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

No comments:

Post a Comment